
හිස්බුල්ලා ආණ්ඩුකාර වරයාගේ සහ හීරා ෆවුන්ඩේශන් ගිණුම් පිළිබද CID පරීක්ෂණ.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් 2019/09/19 දින පොලිස් පතිවරයාට පොලිස්පති සහන මැදිරිය හරහා මේම පැමිණීල්ල යොමු කොට ඇති අතර අදාල පැමිණීල්ල විමර්ශණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට (CID) වෙත යොමු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ එච් එම් හිස්බුල්ලාට අයිති Batticaloa Campus (Private) Limited නැමැති සමාගම හා හීරා ෆවුන්ඩේෂන් ආයතනයටද ශ්‍රී ලංකා හීරා පදනම නැමැති ආයතනයට ද ලැබී තිබෙන මුදල් වල නීත්‍යානුකූල බව සහ ත්‍රස්ත කටයුතු වලට යොදා ගෙන ඇද්ද යන්න සම්බන්දයෙන් පරීකෂණ අරඹා ඇත.
තවද 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත හා 2005 අංක 25 දරණ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළක්වීමේ සම්මුත් පනතෙහි සදහන් වරදවල් උල්ලංඝනය කිරීමක් සිදු කර තිබේද යන්න සසම්බන්දයෙන් විමර්ෂණ සිදු කෙරන බව පොලිස්ලති සහන මැදිරිය මගින් පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ට දන්වා ඇත.